කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩි.එම්.එල් බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් අම්පාර දිස්ත්‍රික් ගොවිජන මඬල කාබනික පොහොර නිෂ්පාදන සහ අනෙකුත් කෘෂි ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරිම අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (28දා) පැවැත්විණි. ඒ සඳහා වන ජිවි වන සම්පත් කටයුතු රාජ්‍ය අමාත්‍ය වීමලවීර දිසානායක මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඩබ්ලිව් ඩී. වීරසිංහ මහතා, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.එම්. අතාවුල්ලා මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් හා අමාත්‍යංශ ලේකම්වරු, ගොවිජන සේවා සහකාර කොමසාරිස්, රාජ්‍ය නිළධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ආදී රැසක් ද සහාභාගී විය.

අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය සදහා "දිරිය වනිතා" නමින් කාන්තා ව්‍යවසායක මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් එහි පුහුණුව මෙන්ම අලෙවිය නිවැරදි මාර්ගෝපදේශනයක් තුළින් ලබා දෙන්නට අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩි.එම්.එල් බණ්ඩාරනායක මහතාගේ මග පෙන්වීම යටතේ පසුගියදා සිදුවිය. එය ප්‍රෙද්ශයේ විරැකියාවෙන් පෙළෙන කාන්තාවන්ට මෙන්ම ව්‍යවසායක කාන්තාවන්ටද මහත් පිටුවහලකි.

அரச கொள்கைகளுக்கு அமைய அம்பாரை மாவட்ட அரச உத்தியோகத்தர்கள் மற்றும் பொது மக்களுக்கு COVID 19 தடுப்பூசி ஏற்றும் வேலைத்திட்டத்திற்காக தேவைப்படும் தடுப்பூசிகள் எதிர்வரும் நாட்களுக்குள் கிடைக்கப் பெறவுள்ளன.

ஆதலால், எங்களது மாவட்டத்தில் தடுப்பூசி ஏற்றப்படுகிகின்ற போது ஏற்படும் பிரச்சினைகளை குறைத்து, அவ் வேலைத் திட்டத்தினை வினைத்திறனுடன் செய்வதற்காக சகல அரச உத்தியாகத்தர்களின் தகவல்கள் அடங்கியதாக MS Excel படிவத்தில் நியு ரோமன் எழுத்தில் டைப் செய்து இத்துடன் இணைக்கப்பட்டுள்ள படிவத்திற்கு ஏற்ப தயாரித்து தங்களது அலுவலகம் அமைந்துள்ள பிரதேச சுகாதார வைத்திய அலுவலர் அலுவலகத்திற்கு சமர்ப்பித்தல் வேண்டும். அதன் மென்பிரதியினை (Soft Copy) இம்மாதம் 08 ஆம் திகதிக்கு முன்னதாக இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். எனும் மின்னல் ஊடாக அனுப்பி வைத்தல் வேண்டும்.

காலதாமதமாகி கிடைக்கப் பெறும் தகவல்கள் தடுப்பூசி ஏற்றும் வேலைத்திட்டத்தில் உள்ளடக்கப்பட மாட்டாது என்பதுடன் ஏதேனும் நிறுவனம் தகவல்களை வழங்க தவறுவதன் ஊடாக அந்நிறுவன உத்தியோகத்தர்களுக்கு தடுப்பூசி ஏற்ற முடியாமல் முடியாமைக்கான முழு பொறுப்பும் நிறுவனத் தலைவரையே சாரும்.

Annexture 4 DOWNLOAD

(District Media Unit -2021.06.06)

 

කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සංචරණය සීමා පවතින අවස්ථාවන්හි දී අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට සහා විශේෂ අවස්ථාව සදහා ගමන් කිරිමට බලපත්‍ර ලබාදීම  අම්පාර  දිසාපති කාර්යාලය මගින් මේ වන විට සිදුකරමින් පවතින අතර එය තවත් කාර්යක්‍ෂම කර ගැනීම උදෙසා එය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

 
ඒ අනුව නිවැරදි තොරතුරු ඇතුළත් අයදුම්පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදීම තුළින් විනාඩි කිහිපයක් තුළ ඔන්ලයින් ක්‍රමයට දිස්ත්‍රික් ලේකම්තුමාගේ අනුමැතියෙන් යුත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අම්පාර දිස්ත්‍රික් මහජනතාවට  හැකියාව ඇත.
 
  
 
(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය  - 2021.06.04)

 

 අනතුරු අවම සුරැකි ගමනකට


මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික කවුන්සිලය සමග එක්ව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය පසුගියදා (15දා) සාර්ථකව සමරනු ලැබිණි.
ඒ අනුව අම්පාර දිස්ත්‍රිකයේ සමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ විශේෂ ජංගම වැඩසටහන අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙ.ව. 9.00ට නිළ වශයෙන් ආරම්භ කළ අතර, පසුව අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසලදී පාරිභෝගික කටයුතු අධිකාරියේ දැනුවත් කිරීම් අංශය සහ

අම්පාර පොළිස් රථවාහන අංශයේද සහයෝගය ඇතිව සාර්ථකව නිමාවට පත් විය.


ඒ අනුව මාර්තු 15දා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ආරක්ෂිත හිස් වැසුම් සදහා SLS ලාංඡනය අනිවාර්ය කිරීම මූලික අරමුණ කර ගත් මෙම ජංගම වැඩසටහනේදී යතුරුපැදිකරුවෙකු මාර්ගය තුළ පිළිපැදිය යුතු කරුණු, ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස් වැස්මක අවශ්‍යතාව සහ ආරක්ෂිත හිස් වැසුමක් මිළදී ගැනීමේදී දැනගත යුතු කරුණු ආදී දේ පිළිබද සවිස්තරාත්මකව මහජනතාව දැනුවත් කෙරිණි.
අදවන විට වැඩි වශයෙන් මාර්ග අනතුරුවලට භාජනය වන්නේ යතුරුපැදිකරුවන් බැවින් ඒ පිළිබද වැඩි අවධානයකින් යුතුව අනතුරු අවම කිරීම උදෙසා අවශ්‍ය මඟ පෙන්වීම යතුරුපැදිකරුවන්ට ලබා දීම මෙහි මූලික අපේක්ෂාවයි.

(‍දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය -2021.03.30)

 

 

 

 

 
         
       

        

අම්පාර නගර සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාව

අම්පාර නගර සැලසුම් ව්‍යාපෘති පිලිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා (16දා) අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල් බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් වනජීවි රැකවරණ, අලි වැට හා අගල් ඉදි කිරිම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම් හා වන සම්පත්  සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය වීමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.මේ සාකච්ඡාව තුළින් අම්පාර නගරෙ සංවර්ධනය පිළිබදව වඩාත් පුළුල්ව සාකච්ඡා කෙරුණු අතර, අම්පාර නගරයේ ඉදිකිරීමට අපේක්ෂිත ඇවිදින මංතීරු පිළිබදව, පොදු වාහන අංගනයක් ඉදිකිරිම පිළිබදව, වනජිවී කලාප නිදහස් කර ගැනීම සහ රජයේ දැනට පවතින නිල නිවාස ඇති ප්‍රදේශය වෙළද නගරයක් බවට පරිවර්තනය කිරීම පිළිබදව සහ අම්පාර පොදු වෙළද පොළ සංවර්ධනය ආදී ඉතා වැදගත් ව්‍යාපෘතින් කිහිපයක්ම සාකච්ඡාවට බදුන් විය.මෙම අවස්ථාවට දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා මෙන්ම, අම්පාර නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. ඒ. එස්. ජයතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක්ද සහාභාගී විය. 

(‍දිස්ත්‍රික් මාධ්‍යය ඒකකය -2021.03.16)