කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩි.එම්.එල් බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් අම්පාර දිස්ත්‍රික් ගොවිජන මඬල කාබනික පොහොර නිෂ්පාදන සහ අනෙකුත් කෘෂි ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරිම අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (28දා) පැවැත්විණි. ඒ සඳහා වන ජිවි වන සම්පත් කටයුතු රාජ්‍ය අමාත්‍ය වීමලවීර දිසානායක මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඩබ්ලිව් ඩී. වීරසිංහ මහතා, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.එම්. අතාවුල්ලා මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් හා අමාත්‍යංශ ලේකම්වරු, ගොවිජන සේවා සහකාර කොමසාරිස්, රාජ්‍ය නිළධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ආදී රැසක් ද සහාභාගී විය.


අක්කර 330,000ක වී වගා කරමින් ජාතික වී නිෂ්පාදනයට 22%දායකත්වයක් ලබා දෙන අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය සුළු‍් පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය විමසා සිටි අමාත්‍ය වරයා කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, අඩුපාඩු, දුෂ්කරතා වීමසීම් කර එයට අදාළ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය නිළධාරීන් දැනුවත් කෙරිණි.
සත්ත්ව නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවද මෙම සාකච්ඡාවේදි අවධානය යොමු කර අතර, අම්පාර දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදනය තව දුරටත් වැඩි කරමින් ගොවින් හට කිරි ගවයන් ලබා දී ඔවුන් දිරිමත් කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියේදි ගන්නා බවද අවධාරණය කෙරිණි. මේ අවස්ථාවට සහාභාගී වු අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා අදහස් දක්වමින් ප්‍රකාහ කළ සිටියේ,


දිස්ත්‍රික් ලේකම් ඩි.එම්.එල්. බණ්ඩාරනායක මහතා-


" කෘෂිකර්මාන්තය අතින් අපේ දිස්ත්‍රික්කය ඉතා වැදගත් දිස්ත්‍රික්කයක්. නියමිත වේලාවට දිනයට වැඩ කරන ගොවි මහතුන් පිරිසක් අම්පාර දිස්ත්‍රික්කයේ සිටිනවා. ඒවගේම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා අපේ අනාගත පරපුර වස විසෙන් බේරා ගන්නා විශාල සටනකට මේවන විට මුල පුරා තිබෙනවා. එකී කාර්යාලට ශක්තියක් වෙමින් මේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අමාත්‍යතුමා සමඟ නිබඳව පෙළ ගැසෙමින් සිටිනවා කියා මා කියන්න කැමතියි."

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ‍,


"මිලියන3000ක් අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් අපි වෙන්කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන 05ක් මේ වසරේ සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරනවා. මේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට යන්ත්‍රෝපකරණ එකකයක් අපි ලබා දෙනවා. ඒවගේම සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම පස පරික්ෂා කරන් යන්ත්‍ර අපි බෙදලා තිබෙනවා. ඒ අනුව ප්‍රදේශයේ සෑම ගොවි මහතෙකුටම තමන්ගේ වගා භූමියේ පස පිළිබඳ සහතිකයක් අපි ඉදිරියේදී ලබා දෙනවා.


කාබනික කෘෂිකර්මාන්තය අපේ රටට අවේණික දෙයක් පමණක් නෙමෙයි. ලෝකේ රටවල් 186ක් කාබනික කෘෂි කර්මාන්තයට නැඹුරු වෙමින් ඉන්නේ. ගොවි මහතුන් මේ පිළිබඳ අනිසි බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. වී ගොවියට අවශ්‍ය පොහොර ටික කිසිම නිෂ්පාදනයේ අඩුවක් ඇති නොවන ලෙස අපිට ලබාදෙන්න පුළුවන් කාබනික කෘෂිකර්මාන්තය තුළ. එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික කෘෂිකර්මයට අවශ්‍ය සියලු පොහොර වර්ග ටික අපි ගොවියන්ට දෙනවා. හෙක්ටයාරකට වී ගොවිතැන සඳහා උසස් තත්ත්වයේ කොම්පොස්ට් පොහොර කිලෝ ග්‍රෑරැම් 500ක්, ජෛව දියර පොහොර ලීටර 15ක්, ආනයනික නයිට්‍රජන් දියර කිලෝ ග්‍රෑරැම් 10ක්, පොටැසියම් කිලෝග්‍රෑරැම් 35ක් ලබා දෙනවා. "

 

  (ෂෙහානි දිල්රුක්ෂිකා | අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - 2021 ජූලි මස 30 වැනි දින)